Breaking News
Home / වෙද සහ හෙද අත්පොත / කරාපිටියේ ශල්‍යවෛද්‍යවරයා ටෝච් එළියෙන් බයිපාස් සැත්කම කරයි

කරාපිටියේ ශල්‍යවෛද්‍යවරයා ටෝච් එළියෙන් බයිපාස් සැත්කම කරයි

කරාපිටිය මහ ‍රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය තුළ  හෘද රෝගියකුට බයිපාස් හදවත් සැත්කමක් කරමින් සිටින විට හදිසියේම විදුලිය විසන්ධි වී තිබේ. විදුලිය විසන්ධි වන විට හෘද රෝගියාගේ සැත්කම අවසන් කොට ඇති අතර රෝගියාගේ විවෘත කර තිබූ උරස් කුහරය මැසීමට පමණක් ඉතිරිව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කෙළේය.imagesSD2P1EQLඑම අවස්ථාවේ හදවත් සැත්කම සිදු කරමින් සිටි හෘද රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා වහාම ශල්‍ය ඒකකය තුළ තිබු බැටරියක ආධාරයෙන් විදුලි ආලෝකය ලබා ගෙන විවෘතව තිබූ උරස් කුහරයට මැහුම් දමා සැත්කම අවසන් කැර ඇත. කෙසේ වෙතත් විදුලිය විසන්ධිවීමෙන් රෝගියාට අනතුරක් සිදු වී නොමැති බවද වාර්තාවේ. හෘද ශල්‍ය ඒකකයේ විදුලි කාර්මික දෝෂයක් නිසා විදුලිය විසන්ධි වි ඇති බව දැන ගන්නට ඇත. මේ හේතුව නිසා හෘද ශල්‍ය ඒකකය තුළ වෙනත් සැත්කම් කිසිවක් මෙදින සිදු කැර නොමැත.මේ පිළිබද කරාපිටිය මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසූ විට මෙසේ කීය.ඊයේ රාත්‍රි හදිසියේ රෝහලේ ට්‍රාන්ස්පෝමරයට අකුණක් වැදී විදුලිය විසන්ධි වි තියනවා .විසන්ධි වු විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා තියනවා.කාර්මික දෝෂයක් නිසා හෘද රෝග ඒකකයේ විදුලිය විසන්ධි වී තියනවා යයි කිය.

About SirilakaNews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *