Breaking News
Home / ක්‍රීඩා / අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රිඩාවට හානි කිරිමට සෑරසෙන බව ඈෂ්ලිද සිල්වා කියයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රිඩාවට හානි කිරිමට සෑරසෙන බව ඈෂ්ලිද සිල්වා කියයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිicclogo300න් ශ්‍රී ලංකාවට ලබාදෙන මුදල් අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කම්පනයට පත්ව තිබෙන බවත්, ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රතිපාදන අත්හිටුවීම නීතිවිරෝධී බවත්, එවැනි ආකාරයට ප්‍රතිපාදන ලබාදීම අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බැරෑරුම් හානියක් සිදුකරනු ඇතිබවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා මහතා සඳහන් කරයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය දා මාධ්‍යයට නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයට පිළිතුරු සපයමින්ද, ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රතිපාදන අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඈෂ්ලිද සිල්වා මහතා යොමුකළ ලිපියේ ඉහත සඳහන් කරුණු ඇතුළත් වේ.

About SirilakaNews

Check Also

CRIKAT OLIMPIC

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *